27 C
Colombo
25/11/2024

ලිංගික අපචාර චෝදනා WWE ප්‍රධාන විධායක වින්ස් මැක්මහෝන් ඉල්ලා අස්වේ

Share with your friends :

ලෝක රෙස්ලිං තරගාවලී පවත්වන ප්‍රකට WWE සමාගමේ ප්‍රධානියාට එරෙහිව හිටපු සේවිකාවක පසුගිය දිනෙක ෆෙඩරල් නඩුවක් ගොනු කර තිබේ.එම ලිංගික අපචාර චෝදනා WWE ප්‍රධාන විධායක වින්ස් මැක්මහෝන් ඉල්ලා අස්වී ඇත.
WWE ප්‍රධාන විධායක වින්ස් මැක්මහෝන් සහ තවත් හිටපු විධායක නිලධාරියෙකු බරපතල ලිංගික අපචාර සිදුකළ බව චෝදනා කරමින්, ඇයව ලිංගිකත්වය සඳහා විකිණූ බව සදහන් කර තිබේ.

ඒ අනුව සමාගමේ සේවය කළ ජැනෙල් ග්‍රාන්ට්ගේ පිටු 67 කින් යුත් වාර්තාවේ දැන් 78 හැවිරිදි වියෙහි පසුවන මැක්මහෝන් ඇයට රැකියාවක් ලබා ගැනීමට සහ ඇයව ඔහු යටතේ තබා ගැනීමට බලහත්කාරයෙන් ලිංගික සම්බන්ධකම්වලට සම්බන්ධ කෙරූ බවට චෝදනා ඇතුළත් කර ඇත.

McMahon 2022 දී WWE හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් වූයේ WWE පදනම් වූ කනෙක්ටිකට් හි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ ගොනු කරන ලද නඩුවේ චෝදනාවලට ගැලපෙන චෝදනා පිළිබඳ විමර්ශනයක් මධ්‍යයේ ය.

Share with your friends :