රිදීගම සෆාරි විලේජ් හි සතුන්ට මේ වන විට නිසි පරිදි ආහාර නොලැබෙන තත්වයක් දක්නට ඇතැයිද එහි නඩත්තු කටයුතු ඉතාම පහල තත්වයේ පවතින බවද එහි සංචාරයේ යෙදුනු පිරිස් පවසති.
මේ හේතුවෙන් ඇතැම් සතුන් ඇවිදින ඇටසැකිලි බවට පත්ව ඇතැයිද සංචාරකයෝ කීපදෙනෙක්ම අප සමග පැවසූහ.
තණ උලාකන සතුන්ට අඩුම තරමින් ඒ සඳහා ස්ථාන පවා නැතැයිද ඔවුහු සඳහන් කළහ.