27 C
Colombo
25/11/2024

සනත්ගේ මන්ත්‍රී පුටුවට ජගත්

Share with your friends :

හදිසි අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යෑම හේතුවෙන්, ඔහුගෙන් අනතුරුව හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර පත් වීමට නියමිතය.

ඒ සනත් නිශාන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වූ මැතිවරණයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ මනාප ලැයිස්තුවේ තේරී පත් නොවූ අපේක්ෂයන්ගේ වැඩිම මනාප සංඛ්‍යාව ඔහුට හිමි වීම හේතුවෙනි.

එම මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වැඩි ම මනාප සංඛ්‍යාවක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ පළමු වැනියා වීමට සනත් නිශාන්තට හැකි වූ අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 80,082කි.

එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකර විසින් හිමිකර ගත් අතර ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 40,527කි.

ඔහු විමල් විරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයෙකි. ඒ අනුව පාර්ලිමේන්තුවේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු ගණන 07 දක්වා ඉහල යයි.

Share with your friends :