පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇත.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් මෝටර් රථය කන්ටේනරයකට ඉස්සර කිරීමට යාමේදි මෝටර් රථයේ වම් පැත්ත එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා බරපතල තුවාල ලබා රාගම රෝහලට රැගෙන ගොස් ඇත. ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂකය මියගොස් සිටි බව වාර්තා වේ.
කටුනායක අධිවේගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී අද අලුයම 1.00 පමණ මෙම අනතුර සිදුව තිබේ.අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබේ. අනතුරත් සම රාජ්‍ය අමාත්‍යවරයා සහ තුවාලකරුවන් රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි.
එහිදී මියගොස් සිටි ආරක්ෂක නිලධාරියා, ජයකොඩි නම් පොලිස් කොස්තාපල්වරයෙකි.