27 C
Colombo
04/10/2024

“බුරවි“සුළි කුණාටුව ශ්‍රිලංකාවෙන් ඉවතට

Share with your friends :

“බුරවි“සුළි කුණාටුව මේ වන විට ශ්‍රිලංකාවෙන් ඉවතට ගමන්කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට (04) දින උදෑසන වනතුරු තවදුරටත් ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළි කුණාටුවේ බලපෑම ගොඩබිම ප්‍රදේශ සඳහා අඩුවනු ඇති බවත් සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Share with your friends :