2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා නිව් හැම්ෂයර් ප්රාන්තයේ පැවති ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ජයග්රහණය කළේය.මෙය ඔහු ලද දෙවන ජයග්රහණයයි.නික් හේලි ට දෙවන ස්ථානය හිමි විය.
2024 ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයා වන්නේ වර්තමාන ජනාධිපති ජෝ බයිඩන්ය.
2024 ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා ඩොනල්ඩ් ට්රම්ප්ගේ ප්රධානතම ප්රතිවාදියා ලෙස ඔහු සමග තරග වැදුණු ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩී සැන්ටීස් අපේක්ෂකත්ව තරගයෙන් පසුගියදා ඉවත්වූ අතර ඔහු ට්රම්ප්ට සහය දක්වන බව ප්රකාශ කර තිබේ.ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ රිපබ්ලිකන් අපේක්ෂකත්වය සඳහා ට්රම්ප් සමග තරගයට දැනට ඉතිරිව සිටින්නේ නික් හේලි පමණි.