27 C
Colombo
25/11/2024

විදුලි ගාස්තු අඩු කිරීම කල් යයි ? PUCSL ට නීතිමය පියවර ගත නොහැකිද?

Share with your friends :

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලබන පෙබරවාරි මස මැද වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් ඇති බව කී මංජුල ප්‍රනාන්දු මහතා ඒ අනුව මහජන අදහස් විමසීම ආරම්භ කළ බව ද සඳහන් කළේය.
මහජන උපයෝගිතා කොමිසමේ ( PUCSL) සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශය අනුව මෙරට විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මස විදුලි බිලට සහනයක් බලාපොරොත්තු විය නොහැක.
මීට පෙර විදුලිය ගාස්තු වැඩි කල අවස්ථාවේ එවකට පවතී ක්‍රමවේද හෝ ” වසරකට දෙවරක් පමණක් විදුලිය ගාස්තු වැඩි කල යුතුය ” යන නීතිරීති හෝ අනුව කටයුතු නොකළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විදුලිය ගාස්තු අඩු කිරීමේදී මේ ආකාරයෙන් කටයුතු කිරීම මහජනතාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිති.
මහජන බදු මුදලෙන් වැටුප් හා දීමනා ලබමින් රටේ ජනතාවට නිසි සේවාව ලබා නොදෙන මෙවැනි රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට එරෙහිව නඩු පවරා වන්දි ලබා ගත හැකි ක්‍රමවේද වෙනත් රටවල පවතී.

Share with your friends :