27 C
Colombo
25/11/2024

හු කියලා අපිව ජනතාවගෙන් ඈත් කරන්න බැහැ-නාමල් රාජපක්‍ෂ

Share with your friends :

අභියෝග සහ චෝදනා කොතරම් ආවත් පාක්‍ෂිකයොත් සමඟ ගම්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් ‘හූ’ කියන දේශපාලන පක්‍ෂවල අරමුණ පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (23) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිළිවම ගමට යන බව කී රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තියක් නැති සමහර දේශපාලන පක්‍ෂවලට ‘හූ’ තියෙන එක හැර වෙනත් විකල්පයක් නොමැති බව ද සඳහන් කළේය.

ක්‍රීඩා කරපු අය හැටියට රග්බි නම් ‘රෙෆ්රිට’ බනිනවා ක්‍රිකට් නම් අම්පයර්ට බනිනවා එසේත් නැත්නම් පරදින හෝ දිනන පැත්තට ප්‍රේක්‍ෂකයො ‘හූ’ කියනවා දැක ඇති බවත් සමහර දේශපලාන පක්‍ෂ බංකොළොත් වුණාම ප්‍රතිත්පතියක් නැති වුණාම මේ උපක්‍රම භාවිතා කරන බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමට ඒම වැලැක්වීමට ඒ උපක්‍රම භාවිතා කරන බව කී ඒ මහතා පැවසුවේ ගමට එන්නෙ නැති වුණාම පොදුජන පෙරමුණ ගමට එන්නේ නෑ කියලත් කියන බවත්ය.

1988 සිට ගෙවල් ගිනි තියපු පක්‍ෂ පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔවුන්ගේ නායකත්වය පිළිබඳව අභියෝගයක් තියෙන අය ජනාධිපති අපේක්‍ෂකයා යැයි නම් කරගෙන දගලන බවත් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය.

Share with your friends :