27 C
Colombo
06/11/2024

දෙමල ජාතික සන්ධානයේ නායකත්වයට ශ්‍රීධරන්

Share with your friends :

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ.
පක්ෂ නායකත්වය සඳහා පැවති ඡන්ද විමසීමේදී ඒ මහතා වැඩි ඡන්දයෙන් නායකත්වයට තේරී පත්ව ඇත.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා තේරීම සඳහා වන එම ඡන්ද විමසීම ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේ දී පැවැත්වුණි.

ඒ සඳහා එම්.ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ එස්.යෝගේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්ව සිට ඇත

නායකත්වය සඳහා තරග වැදුල් පාර්ර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා ලබාගත්තේ ඡන්ද 136ක් ලබා ගනිද්දී ශ‍්‍රීධරන් මහතා ඡන්ද 186ක් ලබාගෙන තිබින.

දශක කීපයක් තිස්සේම එම පක්ෂයේ නායකත්වය දැරූ ආර්. සම්බන්ධන් මහතා දැනට මාස කීපයක් තිස්සේ රෝගී තත්ත්වයකින් පසුවීම මත එම පක්ෂයට නව නායකයෙක් පත් කරගන්නා ලදී.

Share with your friends :