ලංකාවේ තිබෙන පාසැල් 10,126 ටම ලෝකයේ සිටින කෝටිපතියන් 10,126ක් සම්බන්ධ කර දීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
එය ඉතා පහසු කටයුත්තක් බවත් පවසන ඔහු එම කෝටිපතියන් සොයා ගැනීමේ කටයුත්තෙන් කොටසක් තමන් කරන බවත් ඉතිරි කොටස ලොව පුරා සිටින මෙරට තානාපතින්ට භාරදෙන බවත් හෙතෙම පැවසීය.
එම කාර්යය නොකරන අය රාජකාරීන් ඉවත් කරන බවද ඔහු කියා සිටියේ අනුරාධපුරයේ දී පැවති සක්වල වැඩසටහනක් අමතමිනි.
එසේ සොයාගන්නා කෝටිපතියන් හරහා මෙරට පාසල් පද්ධතිය නඩත්තු කරන බවත් එය සක්වළ පාසල් කැපකරු ක්‍රමය ලෙස නම් කරන බවත් හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.