27 C
Colombo
25/11/2024

ඩීසල් ලීටරයක් රටට ගේන්නේ රුපියල් 220 ට-විකුණන්නේ 360 ට

Share with your friends :

“අද ඩීසල් ලීටරයක් රටට ගේන්නේ රුපියල් 220 ට. හැබැයි විකුණන්නේ 360 ට. එදා 2015 මම තෙල් සංස්ථාව භාර ඇමති හැටියට රුපියල් 134 ට තිබිච්ච ඩීසල් අපි රුපියල් 95 ට ගෙනාවා. රුපියල් 85 ට විකුණපු භූමිතෙල් රුපියල් 55 ට ගෙනාවා. එහෙම කරලත් අපි තෙල් සංස්ථාව ලාභ කළා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ තෙල් බෙදාහරින ආයතන වලින් ඉතාම අධික බදු ආණ්ඩුව අය කරනවා. ඒකේ බර ගිහිල්ලා තියෙන්නේ අපේ ජනතාවට” යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි .
ගොවියා, ධීවරයා ඇතුළු කර්මාන්ත රැකගන්න නම්, පොදු ප්‍රවාහනය රැකගන්න නම්, ඩීසල් මිල, භූමිතෙල් මිල අනිවාර්යෙන්ම ආණ්ඩුව අධික බදු අය කරන්නේ නැතුව අඩු කළ යුතුමයි. බදු ගහන් නැතුව, ආණ්ඩුවට මුදල් උපයන්න ක්‍රමයක් නැද්ද? රට ගැන, මහජනයා ගැන කල්පනා කරන ආණ්ඩුවක් නම් කරන්න ඕනේ බදු පොලු තියලා තියෙන, සල්ලි තියෙන අයගෙන් ඒ බදු අය කරගන්න කටයුතු කරන එක යයිද මන්ත්‍රීවරයා කියා සිටී.

Share with your friends :