පලස්තීනය වෙත එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ මේ වන විට 25,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
පසුගිය පැය 24 තුළ මරණ 178 ක් සිදුව ඇති අතර එය මෙතෙක් යුද්ධයේ මාරාන්තික දිනවලින් එකක් බව පැවසේ.
සටන් දිගටම පැවතීමත් සමඟ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නැවතත් පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
ඊශ්‍රායලය සිය ප්‍රහාරය ආරම්භ කළේ ඔක්තෝම්බර් 7 වන දින හමාස් සටන්කාමීන් දකුණු ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,300 ක් ඝාතනය කර 240 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගත් ප්‍රහාරයෙන් පසුවය.