අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බවත් ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු සාකච්ඡාවක් මෙතෙක් පවත්වා නැති බවත් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ඔහු පවසන්නේ තමන් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවත් තමන් දන්නා ආකාරයට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිම එකඟතාවයකට මෙතෙක් පැමිණ නැති බවය.
ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද අමාත්‍යවරයා කීය.
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව ධම්මික පෙරේරා සමඟ එකඟතාවයකට පැමිණ නැති බවයි.එවැනි සාකච්ඡාවක් ගැන තමා දැනුවත් නැතැයි ද අමාත්‍යවරයා කීය.