ලිංගික සතුට යනු “දෙවියන් වහන්සේගෙන් ලද ත්‍යාගයක්” බවත් එය සංවරභාවයෙන් හා ඉවසීමෙන් භාවිතය අවශ්‍ය බවත් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසා ඇත.
ඔහු කාමුක චිත්‍රපට වලට එරෙහිව පාප්වහන්සේ අනතුරු ඇඟවූ අතර, එය “සම්බන්ධතාවයකින් තොරව තෘප්තිය” ගෙන දෙන අතර ඊට ඇබ්බැහි වීමට ඉඩ ඇති බවද පැවසීය.
පාප් වහන්සේ මේ බව කියා සිටියේ බදාදා වතිකානුවේ සිය මහා සභා රැස්වීම අමතමිනි.
කෙලෙස් සහ ගුණ ධර්ම පිළිබඳ දේශනා මාලාවක කොටසක් වූ මෙම දේශනයේදී පාප් වහන්සේ “කාමයේ යක්ෂයා ” ලෙස හඳුන්වන කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.
රාගය “මිනිසුන් අතර සබඳතා විනාශ කරන” බව පැවසූ පාප් වහන්සේ “මෙම යථාර්ථය දිනපතා ප්රවෘත්ති පරිශීලනය කිරීමෙන් දැකගත හැකි බවද පැවසීය.
“හොඳම විදියට පටන් ගත්ත සම්බන්ධතා කීයක් පසුව වේදනාකාරී සම්බන්ධතා වෙලා තියෙනවද?” යනුවෙන් පාප් වහන්සේ ප්‍රශ්න කළේය.