27 C
Colombo
25/11/2024

නවක වෛද්‍ය වැටුප් හා දීමනා 268,000-විශේෂඥ වෛද්‍ය 372000- අනෙක් අයට සොච්චමයි

Share with your friends :

වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ලබන වැටුප හා සසඳන කල අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෙසු රජයේ සේවකයන්ගේ වැටුප් අතර සුවිශාල වෙනස්කමක් ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව කියා සිටී.
එම වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ නවක වෛද්‍යවරයකු ලෙස පත්වීම් ලබන වෛද්‍යවරයකුගේ අවම මාසික වැටුප් හා දීමනා වල එකතුව රුපියල් දෙලක්ෂ හැට අටදහසක් වන අතර ඇතැම් වෛද්‍යවරුන් පර්යේෂණ දීමනා ලෙස වැටුපෙන් සියයට විසි පහක්ද ලබා ගන්නා බවය. මීට විවිධ දීමනා ගණනාවක් අයත්ය.
මේ අතර විශේෂඥ වෛද්‍යවරයකුගේ ආරම්භක වැටුප් හා දීමනා වල එකතුව රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දෙදහසකි. එසේම වැටුපෙන් සියයට විසිපහක පර්යේෂණ දීමනාවද ඔවුන් ලබා ගනී. වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මෙම වැටුප් හා දීමනා තවත් බොහෝ වැඩිය. එසේම වෛද්‍යවරු පුද්ගලික වෛද්‍ය සේවා පවත්වා ගෙන යන අතර ඒ හරහාද අති විශාල මුදලක් වෛද්‍යවරුන් උපයති.
එහෙත් සෙසු සෞඛ්‍ය සේවකයන්ගේ හා රජයේ සේවක වැටුප් ඉතාම පහල මට්ටමක පවතී.උපාධිධාරී සාමාන්‍ය රජයේ සේවකයකු ගේ වැටුප රුපියල් පනස් දහසක් පමණ වෙද්දී මෙසේ එක සේවාවකට පමණක් අසාධාරණ වැටුප් ලබාදීම දැඩි අසාධාරණයක් බවද සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව කියා සිටී.
මේ නිසා වහාම වෛද්‍යවරුන්ට ලබාදෙන වැටුප් හා දීමනා වලට සාපේක්ෂව සාධාරණ වැටුප් වැඩිවීමක් වහාම සෙසු රජයේ සේවකයන්ට ද ලබා දෙන ලෙස එම වෘත්තීය සමිති එකමුතුව කියා සිටී.

Share with your friends :