27 C
Colombo
05/11/2024

“බුරවි“ සුළි කුණාටුව අද රාත්‍රියේ ශ්‍රීලංකාවට

Share with your friends :

“බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ලංකාවේ ඊශානදිග වෙරළෙන් අද (02) රාත්‍රී 7.00 – 10.00ත් අතර රට තුළට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මේ වන විට සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතින බවය.
සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90 පමණ වන අතර විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි වේ. ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදෑසන වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන පූනරීන් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකි අතර, වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බවද කල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බූරවී සුලිකුණාටු තත්වය උතුරු මුහුදටද බලපා ඇති හෙයින් ධීවරකටයුතු වලින් වලකින ලෙසට උතුරේ ධීවරයින්ටද කාලගුන විද්‍යා දෙපාරතමේන්තුව විසින් දැනුම් දී ඇත.
මේ අතර ධීවර කටයුතු සඳහා යාපනය පොන්නාලෙයි මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකු මේ වනතුරුත් ආපසු නොපැමිණීම හේතුවෙන් අතුරුදහන් වූ ධීවරයා සොයා ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් අදාල මුහුදු තීරයට ගොස් සෝදිසියක නිරත වී සිටිති.
පොන්නාලෙයි සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සෙල්වකුමාර් සෙල්වරාසා නැමත්තා ඊයේ රාත්‍රියේ 08 ට පමණ මුහුදු ගමන් ගොස් ඇති අතර මේ වන තුරුත් නොපැමිණීම හේතුවෙන් ඔහු අයහපත් කාලගුණය නිසා කිසියම් අනතුරකට ලක්ව ඇතයි ප්‍රදේශවාසීන් සැක පල කර සිටිති.
මේ අතර බූරවී සුලි කුනාටු තත්වය හේතුවෙන් මේ වන විට උතුරු පලාතට වර්ෂාව නොනවත්වා ඇදහැලෙන අතරම ඇතැම් විට පැයට කිලෝමීටර් 75 ත් 85 ත් අතර සුලං තත්වයක්ද වාර්තා වන බවටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියා සිටියි.මේ හේතුව නිසාවෙන් උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින්ට වහාම ධීවර කටයුතු වලින් ඉවත්වන ලෙසටත් මුහුදු ගමන් යාමෙන් වලකින් ලෙසටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව පවසයි.

Share with your friends :