27 C
Colombo
24/11/2024

සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි

Share with your friends :

සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

මෙම සිදුවීම වාර්තාවන්නේ නවසීලන්තයෙන් වන අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව එරට පොලිස් බලධාරීන් පවසා තිබේ.

මෙලෙස සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ Golriz Ghahraman නම් මන්ත්‍රීවරියක් වන අතර ඇය එරට Green Party හි සාමාජිකාවකි.

මෙලෙස චෝදනා එල්ලවී ඇති Golriz Ghahraman නම් මන්ත්‍රීවරිය තමන් අතින් වරදක් වූ බවට පිළිගෙන ඇත.

ඉරාන ජාතික කාන්තාවක් වන ඇය 2017 වර්ෂයේදී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරීපත්වී තිබුණේ එරට මන්ත්‍රීධුරයකට පත්වූ පළමු සරණාගතයා ලෙසටය.

ඕක්ලන්ඩ් හි වෙළෙඳසැලකින් වටිනා අත්බෑගයක් සොරකම් කරන අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් පිටවීමත් සමගම ඇය සිය ධුරයෙන් මෙලෙස ඉල්ලා අස්වී තිබේ.

43 හැවිරිදි ඇය මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක මෙන්ම ලේඛිකාවක ද වන්නීය. ඇය එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියක ලෙස ද කටයුතු කර තිබේ.

ගොල්රීස් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඕක්ලන්ඞ් නුවර සුඛෝපබෝගී වෙළෙඳ සැලකින් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වූ අවස්ථාවේදීය.

චෝදනා එල්ල වෙද්දී තමන් සොරකම් කළ බව, ගොල්රීස් පිළිගත්තාය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඇය පැහැදිලි කළේ, තමන් දැඩි මානසික ආතතියකින් පෙළෙන බවත්, වරදක් බව දැන දැනත් තමන් එසේ කළේ එම ආතති තත්ත්වය මඟ හරවා ගැනීමට බවත්ය.

ඇගේ මෙම හැසිරීම තමන් ද ප්‍රහේලිකාවක් බව, ගොල්රීස් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත.

Share with your friends :