ලබන මාර්තු 15 වන විට මාලදිවයිනෙන් ඉන්දීය හමුදා ඉවත් කර ගන්නා ලෙස මාලදිවයින් රජය විසින් ඉන්දියාවට නිල වශයෙන් දැනුම්දී තිබේ.
මාලදිවයින සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා මේ වන විට විශාල වහස්යෙන් පලුදු වී ඇත්තේ චීන හිතවාදී ආණ්ඩුවක් එරට බලයට පත්වීමත් සමගය,පසුගියදා මාලදිවයිනේ මාලේ අගනුවර පැවති දෙපාර්ශවය අතර ඉහළ මට්ටමේ මූලික කණ්ඩායමේ පළමු රැස්වීමේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.
“ඉන්දියානු හමුදා නිලධාරීන්ට මාලදිවයිනේ රැඳී සිටිය නොහැක. නව පරිපාලනයේ ප්‍රතිපත්තිය එයයි,” ජනාධිපති මොහොමඩ් මුයිසුගේ කාර්යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ලේකම් අබ්දුල්ලා නසීම් ඊබ්‍රහිම් පවසා තිබේ.මාලදිවයිනේ ඉන්දීය සෙබළුන් 80ක් පමණ සිටින බව පැවසේ.
ඉන්දීය හමුදා නිලධාරීන් දිවයිනෙන් ඉවත් කිරීම නොවැම්බර් මැද භාගයේදී බලයට පත් වූ මුයිසු මහතාගේ මැතිවරණ පොරොන්දුව විය.
නමුත් ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයේ ඉන්දීය සොල්දාදුවන් දූපත්වලින් ඉවත් කර ගැනීමේ කාලසටහනක් සඳහන් කර නැත.
මාලදිවයින් ජනාධිපති මයිසූ පසුගියදා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත විය.එහි දී ජනාධිපති ෂී ජින්පින්ග් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී බීජිං සහ මාලේ ඔවුන්ගේ සබඳතා පුළුල් උපායමාර්ගික සමුපකාර හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීමට එකඟ විය.
මුයිසු ගේ සංචාරයට පෙර මාලදිවයින් නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අවමන් සහගත ප්‍රකාශයක් කිරීමත් සමඟ ඉන්දියාව සහ මාලදිවයින අතර ගැටුමක් හටගෙන තිබේ. එහිදී ඇති වූ නොසන්සුන්තාවයෙන් අනතුරුව අමාත්‍යවරුන් තිදෙනාගේ වැඩ තහනම් කෙරිණි.
රුසියාව යුක්රේනයට පහරදීම හා ඊශ්‍රයලය විසින් පලස්තීනයට පහරදීම හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට එම සටන් නැවත්වීමට නොහැකිවීම හමුවේ ලොව කුඩා රටවලට දැඩි අනාරක්ෂිත බවක් ඇතිවී තිබේ.
next post