27 C
Colombo
24/11/2024

Jacinda Ardernනවසීලන්ත හිටපු අගමැතිනිය Clarke Gayford සමඟ විවාහ වෙයි

Share with your friends :

නවසීලන්ත හිටපු අගමැතිනී Jacinda Ardern තම දිගුකාලීන සහකරු Clarke Gayford සමඟ විවාහ වෙයි
වසර පහකට ආසන්න කාලයක් විවාහ ගිවිස ගෙන සිටියද මෙම විවාහය කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමිනි.
විවාහ උත්සවය නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන් සිට සැතපුම් 200 ක් දුරින් පිහිටි දර්ශනීය හෝක්ස් බේ කලාපයේ සුඛෝපභෝගී මිදි වත්තක පවත්වා ඇත.

තම පවුලේ සාමාජිකයන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙකු හා ආඩර්න්ගේ අනුප්‍රාප්තිකයා මෙන්ම හිටපු අගමැති ක්‍රිස් හිප්කින්ස් ඇතුළු සීමිත පිරිසකට පමණක් ඊට ආරාධනා කර තිබු බව පැවසේ.

Ardern සහ Gayford 2014 දී පෙම් සබඳතාව ආරම්භ කර වසර පහකට පසුව විවාහ ගිවිස ගත් නමුත් Ardern ගේ රජයේ COVID-19 සීමා කිරීම් සැලසුම් කර තිබූ විවාහ උත්සවය කල් දමන ලදී.

. “මම වෙනත් නවසීලන්ත වැසියන්ට වඩා වෙනස් නොවෙමි, ” ආර්ඩර්න් විවාහ මංගල උත්සවය නතර කිරීමට තීරණය කරන ලද අවස්ථාවේදී පැවසුවේ නීතිය තම රාජ්‍ය නායකයා වුවද තමාටද වෙනස් නොවන බව ලොව හමුවේ පවසමිනි.

2017 දී ඇය නායකත්වයට පත්වන විට යන්තම් වයස අවුරුදු 37 වුවා පමණි. ඇය නායකත්වයේ ගෝලීය ආදර්ශයක් බවට කෙටිකලකින්ම පත්වූ අතර ජාතියේ දරුණුතම සමූහ වෙඩි තැබීම සහ කොරෝනා වයිරස් වසංගතයේ මුල් අවධියේදී ඇය හැසිරවීම සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රශංසාවට ලක් විය.

2018 දී, ආර්ඩර්න් අග්‍රාමාත්‍ය ධුරය නිලය දරමින් සිටියදී දරුවකුට උපත ලැබූ දෙවන ලෝක නායකයා බවට පත්විය. එම වසරේ අගභාගයේදී ඇය නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය වෙත තම ළදරු දියණිය රැගෙන ආවාය.

2023 ජනවාරි මාසයේදී නවසීලන්ත වැසියන් පමණක් නොව ලොවම පුදුමයට පත් කරමින් ආර්ඩර්න්, වසර පහහමාරකට පසු අගමැති ධුරයෙන් ඉවත්වුවාය.

Share with your friends :