2024 වර්ෂය ආරම්භ වීමත් සමග සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් දෙදෙනා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කොට තිබෙනවා.
එම තීන්දුව ගෙන තිබෙන්නේ ඉකුත් 8වැනි දින පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමේදීයි.
ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන්නේ පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්.
මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට පෙර එම යෝජනාවට එදිනම පක්ෂ විධායක සභාවේ අනුමැතියද හිමි වූ බවයි දැන ගන්නට තිබෙන්නේ.
මෙසේ විනය පියවර ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සහ හිටපු අමාත්‍යවරයකු වන දයාශ්‍රිත තිසේරා යන මහත්වරුන්ට එරෙහිවයි.
ශාන් විජයලාල් ද සිල්වා මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අතර දයාශ්‍රිත තිසේරා මහතා පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරනවා.
ඔවුන් දෙපල 2024 වර්ෂය ආරම්භ වීමත් සමග සමගි ජන බලවේගය සමඟ එක් වුණා.