විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිය පදවිය ලබා ඇතැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.
මේ දිනවල ප්‍රේමදාස මහතා හවස හතර පහ වන විට රාජකාරිවලින් බැහැරව දරු සුරතල් බලමින් සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියි.
මෙරට කලින් සිටි නායකයන් දරුවන් සිඹ සිඹ ගියද ඔවුන්ට නොසැලකූ බවත් පැවසූ ඔහු සජිත් ප්‍රේමදාස මහතා රටේ දරුවන්ට පියෙක් විය හැකි බව සනාථ කරමින් පිය පදවිය ලබා ඇති බවද පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.