27 C
Colombo
24/11/2024

ඩලස් වෙනුවෙන් නාමල් පෙරට

Share with your friends :

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුය හරහා රට භාරගන්නා විට 2020 වසරේ රට ණය බරින් නිදහස් කරනවා කිව්වට නැවත වතාවක් බලයට ඇවිත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින බවත් සෑම දේශපාලඥායෙක්ටම සුරංගනා කථා මවා කියන්න පුළුවන් වුවත් එය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරපු පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

තරුණයෙක්ට දේශපාලන වශයෙන් ශක්තිමත් වීමට හොඳම අවස්ථාව මෙය යැයි තමන් විශ්වාස කරන බව කී නාමල් රාජපක්‍ෂ මහතා පක්‍ෂය සහ රට ගොඩනැගීමේ අභියෝගය ඕනෑම අවස්ථාව භාරගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.

පොදුජන පෙරමුණෙන් ගැලවෙච්ච අය වෙනත් දේශපාලන පක්‍ෂ ලෙස සන්ධාගතව සිටි අය බවත් ඔවුන් මේ වන විට වෙනත් බලවේග සමඟ එකතුව සිටින බවත් ඒ මහතා කීය.

ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා අපේ කඳවුරේ සිටිය යුතු නායකයෙක් යැයි පෞද්ගලිකව විශ්වාස කරන බව කී නාමල් රාජපක්‍ෂ මහතා මහින්ද රාජපක්‍ෂ මහතා 2005 වසරේ බලයට ගේන්න අලහප්පෙරුම මහතා විශාල බලවේගයක් නිර්මාණය කළ කෙනෙක් බව ද සඳහන් කළේය.

ජී. එල්. පීරිස් මැතිතුමා සමඟත් සාකච්ඡා කරන්න සූදානම් වුවද ඒ මහතා මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු සිටින නිසා ඒ පිළිබඳව අනාගතයේ තීරණය කළ යුතු බවත් තමන් අවුරුදු 23 දී දේශපාලනයට එන විට ගොඩක් උපදෙස් දුන්නේ ජී. එල්. පීරිස් මැතිතුමා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Share with your friends :