27 C
Colombo
24/11/2024

බදු ගෙවිය හැක්කේ රටේ ජනතාවගෙන් සියයට පහකට ?

Share with your friends :

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ පහක් බැවින් ඔවුන් බදු දැලට හසු කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහල නංවා ගැනීමට නම් මේ ක්‍රියාව කළ යුතු බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියකුය යන්න දියුණු රටවල පිළිගැනීම බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙරට ජනතාවද එවැනි ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම රටේ සංවර්ධනය සඳහා ඉවහල් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට ජනගහනය ලක්ෂ 220 ක් වන අතර ඇමතිවරයාට අනුව මෙරට බදු ගෙවිය හැකි පිරිස ජනගහනයෙන් සියයට පහක පමණ ප්‍රමාණයකි.

Share with your friends :