වෛද්‍යවරුන්ගේ DAT දීමනාව එනම් රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරිණි.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවටද කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.