ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් 15ක් ද පත්කර තිබේ.
එසේම විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස ඒ.එච්.එම්.දිලිප් නවාස් මහතා, කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය, ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා, ජනක් ද සිල්වා මහතා, ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා, මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා පත් කර තිබේ.
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස එස්.යූ.බී. කරලියද්ද මහතා, මේනකා විජේසුන්දර මහත්මිය, ඩී.එන්. සමරකෝන් මහතා , එම්. ප්‍රසන්ත ද සිල්වා මහතා, එම්.ටී.එම්. ලෆාර් මහතා, සී. ප්‍රදීප් කීර්තිසිංහ මහතා, සම්පත් බී. අභයකොන් මහතා, එම් .එස්.කේ.බී. විජේරත්න මහතා, ආර්. ගුරුසිංහ මහතා, ජි.ඒ.ඩී. ගනේපොල මහතා, කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය, මායාදුන්න කොරයා මහතා, ප්රභාහරන් කුමාරරත්නම් මහතා, ඩබ්.එන්.එන්.පී. ඉද්දවල මහතා යන විනිසුරුවරු පත් කර තිබේ.
next post