27 C
Colombo
22/09/2024

ඉන්දීය අගමැති මෝඩිට අපහාස කල මාලදිවයින ඇමතිලා තිදෙනෙකු දොට්ට

Share with your friends :

සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මාලදිවයින එරට අමාත්‍යවරු තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇත;
අබ් දුල්ලා මශූම් , මේරියම් ශිවුනා , ෂහීඩ් රමීස් යන ඇමතිවරු න්ගේ සේවය මෙසේ අත්හිටුවා තිබේ.

මේ අතර මාලදිවයින් අමාත්‍යවරුන් විසින් ඉන්දියාව සම්බන්ධයෙන් සිදුකරන ලද මතභේදාත්මක ප්‍රකාශයක් මුල් කරගනිමින් ඉන්දීය ජාතිකයින් රැසක් මාලදිවයිනේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සිය සංචාරයන් අවලංගු කරමින් සිටිති.
මෑතකාලීනව දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල හටගත් අර්බුදකාරී තත්ත්වය මෙමගින් තවදුරටත් උග්‍ර වනු ඇති බව විදෙස් විචාරකයින් පෙන්වාදෙයි.
සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ දී මාලදිවයින ඉන්දියාවට අභියෝගයක් වී ඇති බව පවසමින් මාලදිවයින් අමාත්‍යවරයෙකු වන අබ්දුල්ලා මාසූම් මජීඩ් මතභේදාත්මක සටහනක් සිය ‘එක්ස්‘ අවකාශයේ තබා තිබු අතර එම සිදුවීම මුල් කරගනිමින් මෙලෙස ඉන්දියානුවන් අතර මාලදිවයින සම්බන්ධයෙන් අප්‍රසාදයක් ගොඩ නැගී ඇති බව සඳහන් වේ.

මේ අතර මොහොමඩ් මුයිසු මාලදිවයිනේ ජනාධිපති ධුරයට පත්වීමත් සමග චීනය සමග පවතින සබඳතා වර්ධනය කරගැනීමට ඔහු කටයුතු කර ඇති අතර ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යාමට නියමිතය.

Share with your friends :