27 C
Colombo
24/11/2024

බංග්ලාදේශයේ බෞද්ධ විහාරයකට හා දුම්රියකට ගිනි තියලා

Share with your friends :

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අතරේ බංග්ලාදේශයේ චිතගොන්හි රාමු ප්‍රදේශයේ සුප්‍රසිද්ධ බෞද්ධ විහාරයකට ගිනි තබා හානි කර තිබේ. මීට අමතරව දුම්රියකට හා ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා ඇත.
බංග්ලාදේශ මහා මැතිවරණය අද (7 දා ) පැවැත්වේ.
මගී දුම්රියකට ගිනි තබා ඇති අතර එහිදී මගීන් හතර දෙනෙකු මිය ගොස් ඇත.
අගමැතිනි ෂීක් හසීනා අඛණ්ඩව සිව්වැනි වරටත් ජයග්‍රහණය කිරීමට නියමිතව ඇති මැතිවරණය බොහෝ විරුද්ධ පක්ෂ වර්ජනය කර තිබේ.
මධ්‍යම ඩකා හි මගී දුම්රියකට සිකුරාදා ඇති වූ ගින්නට සම්බන්ධ බවට සැකපිට විපක්ෂයේ ප්‍රමුඛ දේශපාලනඥයෙකු වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නබිඋල්ලා නබි සහ තවත් පක්ෂ ක්‍රියාකාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඩකා රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන සමන්ත ලාල් සෙන් පවසන්නේ පුද්ගලයන් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.
ගිනිකොන දිග චිතගොං නගරයේ බෞද්ධ විහාරස්ථානයකට ගිනි තබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය පවසන අතර පාලක අවාමි ලීගයේ ප්‍රාදේශීය පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
BNP පක්ෂය ඡන්දය වර්ජනය කරන ලෙස ඡන්දදායකයින්ගෙන් ඉල්ලා ඇති අතර රට පුරා දින දෙකක වැඩ වර්ජනයක් කැඳවා ඇත.

Share with your friends :