27 C
Colombo
23/09/2024

ධම්මික පෙරේරා ගෙවන බද්ද ගැන සජබ ප්‍රශ්න කරයි

Share with your friends :

ජනවාරි මස පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති නව බදු ප්‍රතිපත්තිය මහජනතාවට දැඩි ලෙස පීඩනයක් ඇති කරන ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ තවත් බිමට ඇද දමන ක්‍රියාවක් බවත් ඒ ඔස්සේ ජන ජීවිතයට දැඩි පීඩාවක් එල්ල වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසිය.

හේෂා විතානගේ මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමිණි.

‘ජනාධිපතිවරයා බලය රැකගන්න කරන මෙම ක්‍රියාව ඔස්සේ තවත් ජනාධිපතිවරයා ගැන පිරිහීමක් ඇතිවෙනවා හැරෙන්න ඔහු ගැන පෑදීමක් ඇතිවෙන්නේ නැ.

අහිංසක රටේ ජනතාවගේ බදු මුදල් එකතු කරන්න කලින් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ලංකාවේ ලොකුම ධනවතා කියලා හඳුන්වන ධම්මික පෙරේරා විසින් ගෙවනු ලබන බදු මුදල් ගැන හොයා බලන්න ඕනි.

සමාගම් කීයක් කරනවා දේ සමාගම් කීයෙන් කී එක බදු ගෙවනවාද ?

ධනවතුන්ගෙන් එකතු කළ යුතු බදු ඔක්කොම අත ඇරලා අහිංසක එදිනෙදා වේල හම්බ කරන් කන ජනතාවගේ බදු එකතු කරන එක හරිද කියන එක ජනාධිපතිවරයා හිතන්න ඕනි.

අපි සමගි ජන බලවේගය හැටියට ඕනෑම වෙලාවක හිතන්නේ ජනතාවගේ පැත්ත ඒ නිසාවෙන්ම ජනතාව අපේ පිටුපස එක් රොක් වෙන එක ජනාධිපතිවරයාට නවත්වන්න බැහැ.

ඕනෑම වෙලාවක පවත්වන ඕනෑම මැතිවරණයකින් සමගි ජන බලවේගය ජය ගන්නවා ඒක නියතයි.

අපි ප්‍රතිපත්තිය මේ වශයෙන් තීන්දු තීරණ ගන්නේ ජනතාවගේ පැත්ත හිතලා ඒ වගකීම සමග ජන බලවේගය හැටියට අපි භාරගන්නවා යනුවෙන් පැවසිය.

Share with your friends :