27 C
Colombo
25/09/2024

විදුලි බිල අඩුවන හැටි

Share with your friends :

විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති අතර පෙබරවාරි මුල් සතිය වන විට විදුලිබිල අඩු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

නව ජනන සැලැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

විදුලිබල මණ්ඩලයට මේ වන විට අලුතින් සේවකයන් බඳවා ගැනීම නවතා තිබෙන අතර සේවක දිරි දීමනා සහ උසස්වීම් කාර්ය සාධනයට අනුව සිදු කිරීමට නියමිත බව කී රාජ්‍ය අමාත්‍යවරයා විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක එලෙසම ක්‍රියාත්මක බව පැවසීය.

Share with your friends :