27 C
Colombo
23/09/2024

වැට් ගැන බොරු කිව්වොත් නඩුදානවා කියපු කතාවකට මරික්කාර් දීපු උත්තරේ!

Share with your friends :

”වැට් එක ගැන කතා කළොත් හිරේ දානවාලු! එහෙම කියන්න මේක ඒ අයගේ අම්මගේ තාත්තගේ රටද?” සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික

සංවිධායක එස්. එම්. මරික්කාර් විමසයි.

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකය ද වන එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා එබව සඳහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදේ ඔහු මෙසේද සඳහන් කළේය.

”නව වසරේ සුභ පණිවිඩය විදිහට ජනතාවට නව වැට් එකතු කිරිම තුළින් වැලේ වැල් නැති කරලා තියෙන්නේ. ගැස් සිලින්ඩරයක මිල රුපියල් 685 කින් වැඩි කරලා, පෙට්ටල් ලිටරයක මිල රුපියල් 20 වැඩිකරලා., කාණ්ඩ 97 අයත් භාණ්ඩ වැට් වැඩිවීම නිසා ජනතාවට දරාගත නොහැකි මට්ටමකින් ජිවන වියදම් ඉහළ ගිහින්. පොළිම් නෑ කියලා අදුරේ ඉන්න ඕන නෑ කියලා අපේ ගැටලු විසදිලාද තියෙන්නේ, නැවත අපි වසර දෙකක් ආපස්සට ගිහින්..

ජල බිල් පතට පවා සියයට 3 වැට් එක එකතු වෙනවා. 1936 නාසිවාදීන් ප්‍රජාතන්තරවාදය කියලා පැසිස්ට් වාදය පැතුරුවා වගේ, ආණ්ඩුව කටයුතු කරන්නේ.

තවත් ලැජ්ජ නැතුව කියනවා.. වැට් බදු වැඩිවීම පිළිබඳ කතා කළොත් හිරේ දානවා කියලා ආණ්ඩුවේ පිරිස් කියනවා. එහෙම කියන්න මේක ඒ අයගේ අම්මගේ තාත්තාගේ රටද? තමන් විඳින පිඩනය, තමන්ගේ දරුවන් විඳින පීඩනය, තමන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් නොතිබීම ගැන, රට විනාශ වී තිබීම පිළිබඳව, රටේ සිදුවන අපරාධ ගැන කතා කිරීමට රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. ඒක ජන මතයක් නැති ආණ්ඩුවට නැති කරන්න බෑ.

ජනතාවට තමුන්ට එල්ල වන පිඩනයට එරෙහි වෙන්න බෑ .. මෙයාල හොරුන්ව පරිස්සම් කරනවා.

ආර්ථික විශේශඥයෝ දන්නේ සුත්‍ර ගොඩනගලා බඩු මිල වැඩි කරන්නයි , වැට් ගහන්නයි විතරයි. අපනයන අයෝජන අවස්ථා වර්ධනයට කිසිදු වැඩ පිළිවලක් නෑ. විශ්වසකාරි අයෝජන අවස්ථා නැති නිසා විදේශ අයෝජන අවස්ථා ලැබෙන්නේ නෑ.

සමගි ජන බලවේගයේ මුලිකම අරමුණ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි ආර්ථික අවස්ථා, එනම් සැමට සමාන අවස්ථා සලසාදිමට කැපවිම. එයට අවස්ථා නිර්මානයට සමගිජන පෙරමුණට බලය අවශ්‍යයි. ආණ්ඩුවට විරෝධි ජන බලයක් නිර්මාණයට අපි සංධානගත වෙලා ශක්තිමත්ව පෙරට එන්න සුදනම්. එය නවත්වන්න මොනදේ සිදුකරත් අපි ශක්තිමත්ව ජනතාව වෙනුවෙන් පෙරට එන්න සුදනම් ..”

Share with your friends :