27 C
Colombo
23/09/2024

සජබ ඔලුගෙඩි සෙල්ලම් නැහැ-ඇමතිවරුන්ට සුර සැප නැහැ-දුෂ්කර ජීවිතයක් හා මහජන සේවය පමණයි

Share with your friends :

සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති සහ ජනතා සේවය ලබා ගැනීම සඳහා පමනක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රජයේ හෙංචයියන් කියනවා මෙන් සමගි ජනබලවේගයේ ඔලුගෙඩි සෙල්ලම් නොමැති බවත් තම පක්ෂය සන්ධාන ගත වෙන්නේ මහජන සේවයට පමණක් බවත් – විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රජයට සම්බන්ධ ඇතැම් මාධ්‍ය කණ්ඩායම් මුදල් ලබා ගෙන වැරදි ප්‍රචාර ගෙන යමින් ජනතාව ඇන්දවීමට කටයුතු කරන බවත් කොළඹ විපක්ෂනායක කාර්්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය.
සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු ඇමතිවරයකුට සුර සැප විදිය නොහැකි බවත් ඔවුන්ට අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් ජනතාවට පරාර්ථකාමී සේවාවක් ඉටු කිරීම අනිවාර්්‍ය බවත් විපක්ෂනායකවරයා කීවේය.

Share with your friends :