27 C
Colombo
24/11/2024

විදේශ විනිමය රටින් පිටතට යාමේ සීමාවන් තවත් මාස 6 කින් දීර්ග කෙරේ

Share with your friends :

විදේශ විනිමය රටින් පිටතට ගලා යාම සීමා කිරීම සඳහා ප්‍රාග්ධන ගනුදෙනු සඳහා සීමා පැනවීමට දැනට පනවා ඇති සීමාවන් තවත් මාස හයකට දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මේ වන විට මාස හයකට පනවා ඇති අදාළ නීති රීති 2021 ජනවාරි මස 01 වැනිදා අවසන් වීමට නියමිතව තිබිණි. මේ අනුව එතැන් සිට එය තවත් මාස හයකින් දීර්ග කිරීමට මුදල් ඇමතිවරයා මේ ලෙස අගමැතිවරයා ගෙන ආ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

Share with your friends :