27 C
Colombo
23/09/2024

දේශබන්දුගේ පොලිස්පති ධුරය අත්හිටුවන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Share with your friends :

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නීතීඥයින් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ නීතිඥ අමිල එගොඩමහවත්ත සහ මනෝජ් නානායක්කාර යන මහත්වරුන් විසිනි.

පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ ඔහුට එරෙහිව විභාග වෙමින් පවතින නඩු ගණනාවක් සැලකිල්ලට ගෙන මෙම පෙත්සම ගොනු කල බව ඔවුන් සදහන් කරති.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් හිටපු හමුදා සෙබළෙකුට වධහිංසා පැමිණවීම, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් වැනි කටයුතු හරහා මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් දෙසැම්බර් 14දා තීන්දු කරන ලදී.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කර ඇත.

මෙම තත්ත්වය තුළ දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයා ලෙස පත්වීම පිළිගත නොහැකි බවත් එසේ පිළිගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවත් ඒ හරහෙ පෙත්සම්කරුවන්ට සහ අනෙකුත් පුරවැසිමූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරුවෝ කියති.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියි.

Share with your friends :