ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් කරන ලද දයාසිරි ජයසේකර මහතාව තවත් ධූරයකින් ඉවත් කරන ලෙස ඒකමතික ඉල්ලීමක් පක්ෂ නායක මෛත්රිපාල සිරිසේන මහතා වෙත කර තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඒ ශ්රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්රික් නායකත්වයෙන් ඉවත් කරන ලෙසටයි.
දයාසිරි ජයසේකර මහතා වෙනුවට ලක්ෂ්මන් වෙඩරුව මහතාව කුරුණෑගල දිස්ත්රික් නායකත්වයට පත් කරන ලෙසට එම දිස්ත්රික්කයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන , සම හා දිස්ත්රික් සංවිධායකවරුන් හිටපු ජනපති පක්ෂ නායක මෛත්රිපාල සිරිසේන මහතාගෙන් ඒකමතිකව ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීම පක්ෂ නායකයාගෙන් කර තිබෙන්නේ බිංගිරිය ශ්රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමකදී බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
දයාසිරි ජයසේකර මහතා වෙනුවට මේ වනවිට ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයේ වැඩ කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්රී දුෂ්මන්ත මිත්රපාල මහතායි.