පවතින දැඩි වර්ෂාපතනය හමුවේ කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල ඇති ගස් ජනතාවට දැඩි අවදානමක් ඇති කර තිබේ.
මේ අතර කොළඹ නගරයේ අවදානම් ගස් 700 ආසන්න සංඛ්‍යාවක් ඇතිබව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසූවාය.
ඉන් ගස් 200ක් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හඳුනා ගෙන තිබේ.ඒ සදහා පෞද්ගලික අංශයේද සහයෝගය ලබා ගැනීමට නියමිත බව වැඩිදුරටත් පැවසුවාය.පසුගිය කාලයේ ගස් කඩාවැටීම නිසා විශාල වශයෙන් ජීවිත හා දේපල හානි සිදුවිය.