පාකිස්තානයේ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනා මත සිරගත වී සිටින ඉම්රාන් ඛාන් ලක්ෂ 10 ක ඇප බැඳුම්කරයක් මත නිදහස් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය අද(22) නියෝග කළේය.
සර්දාර් තරික් මසූඩ්, අතාර් මිනාල්ලා සහ සයිඩ් මන්සූර් අලි ෂා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ගොනු කරනු ලැබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ එම විනිසුරුවරුන් විසින් මෙම නියෝගය නිකුත් කළේය.
සයිෆර් නඩුව ලෙස හැඳින්වෙන මෙම නඩුව රාජ්‍ය රහස් පනත මගින් පිහිටවූ විශේෂ අධිකරණය මගින් පසුගිය 13 වැනිදා නැවත වරක් මුලසිට ආරම්භ කළේය.සයිෆර් නඩුවට ඇප නියම වුවත් ඔහු අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී වෙනත් රටවල රාජ තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වරදකරු වී වසර 3 ක සිර දඬුවමක් නියම වී සිටින නිසාත් තවත් චෝදනා ගණනාවකට ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් වී තිබීම නිසාත් ඉම්රාන් ඛාන් නිදහස් වන දිනයක් ප්‍රකාශ කර නොහැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
Pakistan ex-PM Imran Khan granted bail, but release uncertain
Pakistan’s Supreme Court on Friday granted former Prime Minister Imran Khan bail in a case related to a leak of state secrets, but it was not clear how he could be released while serving a three-year sentence for corruption and facing other charges.
The 71-year-old former cricket star has been embroiled in a tangle of political and legal battles since he was ousted as prime minister in April 2022. He has not been seen in public since he was jailed for three years in August for unlawfully selling state gifts while in office from 2018 to 2022.
The order said Khan’s release on bail “during the period of elections would ensure ‘genuine elections’ and thus enable the people to exercise the right to express their will effectively and meaningfully. There are no exceptional circumstances to decline the concession of bail.”
But it was not clear how Khan could be released on bail because of the number of arrest warrants issued against him and the three-year sentence.