ශ්‍රීලංකාවේ බෞද්ධ කාන්තා අධ්‍යපනයේ මුදුන් මල්කඩවන් වූ කොළඹ මියුසියස් විද්‍යාලයේ පාසල් නිල ඇඳුම වෙනස් කරන්නට උත්සාහයක් පවතින බවට එම විදුහලේ දෙමාපියන් හා ආදී ශිෂ්‍යාවන් චෝදනා කරති. මෙම උත්සාහයට එම පාසලේ වර්තමාන ශිෂ්‍යාවන් හා ආචාර්ය මණ්ඩලයේ බහුතරයක්ද විරෝධය පල කර තිබේ.
විශාල මුදලක් වැය කරමින් විශාල බලාපොරොත්තු ඇතිව තම දියණියන් පාසලට ඇතුලත් කලේ බෞද්ධ පරිසරයක හැදී වැඩෙන්නට බව පවසන මියුසියස් විදුහලේ දෙමාපියන් මේ වන විට පාසලේ පරිපාලනය හා බොහෝ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දැඩි කල කිරීමට පත්ව සිටිති.
මියුසියස් විද්‍යාලයේ පෙර පාසලට ප්‍රධානියෙක් ලෙස පත්ව ආ කාන්තාවක් පෙර සේවය කල ස්ථාන සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි විරෝධය පළකරති. බෞද්ධ නොවන ආගමික අන්තවාදී සම්බන්ධතාවයක්ද මේ පසුපස ඇති බවට චෝදනා ඇති අතර මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කිරීම කළයුතුව තිබේ. පාසල් කළමනාකාරීත්වයේ ඇතැම් පුද්ගලයන්ගෙන් එල්ලවී ඇති බලපෑම් නිසා පාසලේ ගුරුවරියන්ද දැඩි අපහසුවට පත්ව සිටිති.
අතීතයේ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක් යයි පැවසීම ආඩම්බරයක් වුවත් අද පාසලේ ගුරුවරියන්ට සිදුව ඇත්තේ රැකියාව ආරක්ෂා කරගෙන සියල්ල ඉවසා සිටින්නටය.
මෙතෙක් කල් මියුසියස් විද්‍යාලයේ පරිපාලනය මෙහෙයවන ලද්දේ රටේ කීර්තිමත් කාන්තා විද්‍යාල වල විශ්‍රාම ගිය පළපුරුදු විදුහල්පතිවරියන් විසින් වුවද මේ වන විට එම තත්වයද වෙනස්වී තිබේ. එම නිසා මෙම පාසලේ ගෞරවනීය භාවය හා කීර්ති නාමය රැක ගැනීම සඳහා වගකිවයුත්තන් නිසි පියවර ගත යුතුව තිබේ.