27 C
Colombo
24/11/2024

ඩලස්ගේ නිදහසේ කොටසක් සජබයට

Share with your friends :

ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර,මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්ව තිබේ.

ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්,ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිවුදෙනා සජිත් ප්‍රේමදාස ගේ සජබය සමඟ එක්ව ඇත.

සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්වීම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් මත දෙකක් දරන අතර,රටේ ඇතිව තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදකාරී තත්වය හමුවේ නිදහස ජනතා සභාව ඉතා ඉක්මනින්ම සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්විය යුතු යැයි එම මන්ත්‍රීවරුන් සිවුදෙනා නිදහස ජනතා සභා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කිහිප දෙනකු සඳහන් කර ඇත්තේ,සමගි ජන බලවේගය සමග එක්වන්නේ නම්,යම් කොන්දේසි මාලාවක් සහ වැඩපිළිවෙලක් සමඟ සන්ධානගත විය යුතු බවත් එසේ නැතිව සමගි ජන බලවේගය සමග එක්වීමේ තේරුමක් නැති බවත් ය.
නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණන දහතුනකි. ඉතිරි නව දෙනා අතරින් තවත් කීපදෙනෙකු සජබ වෙත එක්වීමට නියමිත බවද පැවසේ.
මේ අතර අතිශය භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේදිකාවක සමගි ජන බලවේගය සමග එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි එල් පීරිස් පවසයි.
මන්ත්‍රීවරයා එසේ පැවැසුයේ ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමාඤ්ඥ මාහා නිකායේ අනු නායක කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකිමට පැමිණි අවස්ථාවේදිය.

රජය යැපෙන්න යන්නෙ ජනතාවගේ බදු මුදලින් බවත් අධික බදු බර නිසා ජනතාවට යැපෙන්න තියා ජිවත් විමත් ගැටලුවක් වෙලා ,නැතිබැරි මිනිහගෙන් පුලුවන් තරම් බදු අරගෙන ඇති බවත් තියන ධන කුවේරයන්ට අත තබා නෑ. එය කිසිවිටක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආරෝපනය කරන්නට පුලුවන් කමක් නැහැ,සියලුම ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ ඉත්තන් බවට පත්වෙලා. සියල්ල ජනාධිපතිවරයා විසින් පාලනය කරනු ලබනවා. ජනතාවරමකින් පත්වු ජනාධිපතිවරයකුට මේසා බලයක් නොතිබු බවද මහාචාර්යවරයා පැවැසිය.

Share with your friends :