ලොකු ලූනු කිලෝවක මිල හිටිහැටියේ රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ යාමෙන් ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 450ක් බවට පත්ව ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.
පිටකොටුව තොග වෙළඳපොලේ මීට දින කීපයකට පෙර කිලෝවක් රුපියල් 260ත් 280 ත් අතර පැවති ලොකු ලූණු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 380ක් බවට පත්ව තිබූ බවත් එවැනි ආකාරයකට මිල වැඩි වූයේ කෙසේදැයි පාරිභෝගිකයෝ පවසති.