27 C
Colombo
24/11/2024

ගුවන්තොටුපල කම්කරු ඇතුල්වීමේ බලපත්‍ර මුදලට ලබා දෙන බවට චෝදනා

Share with your friends :

කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු සදහා යොදවා ඇති කම්කරුවන්ට ඊට ඇතුල්විම සදහා අවශ්‍ය බලපත්‍ර කිසිදු ආරක්ෂක වාර්තාවකින් තොරව රුපියල් දෙදහසක මුදලකට එහි ආරක්ෂක අංශයේ ඇතැම් නිළධාරින් පිරිසක් විසින් ලබා දෙන බවට චෝදනා එල්ලවී තිබේ.
පොලිස් වාර්ථා හෝ නිශ්කාශන වාර්ථා නොමැතිව ගුවන් තොටුපලේ සේවය කිරිම සදහා මාසික බලපත්‍ර ලබා දෙන අතර එම සහතික නොමැතිව සේවයට පැමිණෙන සේවකයින්ගෙන් රුපියල් දෙදහසක මුදලක් ලබා ගෙන අවසර පත්‍ර ලබා දෙන බව පැවසේ.
ගුවන් තොටුපළ සංවර්ධනය සදහා කටයුතු කරන ප්‍රධාන සමාගමේ සහ එහි උප ව්‍යපෘතිවල සේවය කරනු ලබන සේවකයින්ගෙන් මෙසේ බලපත්‍ර ලබා දිමට මුදල් ලබා ගන්නා බවට චෝදනා එල්ලවී තිබේ.

එසේ බලපත්‍ර ලබා ගන්නා සේවකයින්ට ගුවන් තොටුපලේ ඉතා සංවේදි කළාප වන ගුවන්පථයට පවා මෙමගින් ඇතුල් විය හැකිබව එහි සේවකයින් පවසයි
එම ආරක්ෂක අංශයේ ප්‍රභලයෙකු මේ සදහා පෙරමුණ ගෙන කටයුතු කරන බව පැවසේ. එසේ නිකුත් කරන සහතිකය මාසයක් ඉක්ම ගිය පසු අලුත් කිරිමට නැවතත් රුපියල් දෙදහසක මුදලක් ලබා ගන්නා බවටද චෝදනා එල්ලවී ඇත.
මෙම අවසර පත්‍රය උපයෝගි කර ගෙන ඕනෑම අපරාධකරුවෙකුට පවා ගුවන් තොටුපළේ සංවේදි කළාපයන්ට ඇතුලුවිය හැකි බව සේවකයෝ පවසති

Share with your friends :