27 C
Colombo
24/11/2024

මීළඟ එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුර තරඟයට ශ්‍රීලාංකික දේශපාලනඥයෙක් ?

Share with your friends :

මීළඟ එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුරය සඳහා ශ්‍රීලංකාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු ද තරඟ වැදීමේ සුදානමින් සිටී. එය මුලින් ශ්‍රීලංකා රජය යෝජනා කල යුතු අතර පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අනුමත කල යුතුය. එහිදී ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය රුසියාව හා චීනය යන නිශේධ බලය හිමි රටවල් පහෙන් එක රටක් හෝ විරෝධය පල කළහොත් යෝජනාව පරාජය වේ. අනතුරුව සාමාජික රටවල් 193 අතරින් වැඩිම ඡන්දයෙන් නව මහා ලේකම්වරයා පත් කර ගැනේ. මේ සඳහා අවශ්‍ය සියලු කාරණා සහ සහයෝගයන් මේ වන විට අදාළ දේශපාලනඥයා සම්පුර්ණ කරගනිමින් සිටින අතර ඔහුගේ ගමන් මග දෙස පැහැදිලිව අවධානය යොමු කරන්නේ නම් ඒ සඳහා ඔහුගේ ගමන් මාර්ගය පැහැදිලිව පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත් වර්තමාන දේශපාලන වටපිටාව හා ලබන වසරේ මැතිවරණ මේ සියල්ල තීරණය කරනු ඇත. යම් ලෙසකින් එය සාර්ථක වුවහොත් 2027 ජනවාරි පළමු වැනිදා සිට එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ශ්‍රීලාංකිකයෙකු වීමේ ඉඩකඩ බොහෝය,
2026 දෙසැම්බර් 31 වැනිදා වර්තමාන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ගේ ධුර කාලය අවසන් වීමට නියමිතය.

Share with your friends :