දේශීය නිෂ්පාදනය නැංවීම සඳහා හඳුන්වා දුන් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ” වැඩපිළිවෙල අතරමග නවතා දම තිබේ.
අපේ රටේ මුලික ප්‍රශ්නය දේශීය නිෂ්පාදනයක් නොමැති කමය. ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් තිබිය යුතුය. කවුරු බලයේ සිටියත් දේශීය නිෂ්පාදනය දියුණු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත. මේ සඳහා වෙනත් රටවල මෙන් නිෂ්පාදන ගම්මාන ඇති කළයුතුව තිබේ.
පසුගිය කාලයේ දේශීය නිෂ්පාදනය වැඩිකිරීම සඳහා නිෂ්පාදන ගම්මාන ඇති කිරීම රටපුරා සාර්ථකව දියත්වෙමින් තිබිණි. ඒ “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ” වැඩපිළිවෙල යටතේය. මේ වැඩපිළිවෙල මෙරට දියත් කලේ ශ්‍රීලංකා පරිපාලන සේවයේ අතිදක්ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසිනි. ඒ යටතේ රට පුරා නිෂ්පාදන ගම්මාන 576 ක් ඇති කෙරිණි.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ යටියල්පතාන ගමේ බෝගන්විලා මල් ඇතුළු මල් වර්ග නිෂ්පාදන ගම්මානයක් ඇති කල අතර එහි ඊට දායක වූ පවුල් රුපියල් ලක්ෂ එකහමාරක මාසික ආදායමක් ඉපයුහ.අනුරාධපුර දිස්ත්‍රික්කයේ පූසියන්කුලම ගම්මානයේ නිල් මානෙල් වැවීම සාර්ථක සිදු කරන ලද අතර මල් දහස බැගින් දිනපතා අටමස්ථානයට ගෙන ඒමෙන් ගම වැසියෝ විශාල ආදායමක් ලැබුහ.පුත්තලම හා මොනරාගල පිච්චමල් ගම්මාන ඇති කරන ලද්දේ දිනපතා විදෙස් රටවලින් පිච්ච මල් ගෙන්වීමේදී විදෙස් රටවලට ඇදී යන විදේශ විනිමය රැක ගන්නටය. පලුගස්වැව සංචාරක ගම්මානයක් ඇති කරන ලද අතර බෝට්ටු සේවා ඇතුළු නවාංග එක්කරමින් සමස්ත ගම්වැසියන්ට ආදායම් මාර්ග ඒ හරහා ඇති කරන ලදී. මේ ආකාරයට බිත්තර ඇතුළු සත්ව නිෂ්පාදන ගම්මාන, බිම් මල් , සුරතල් මසුන් ගම්මාන ,තල් නිෂ්පාදන , කිතුල් නිෂ්පාදන , කඩදාසි කෝපි වගා ගම්මාන, මන්දාරම් නුවර බීජ බෝංචි ගම්මාන ආදී ගම්මාන රැසක් ඇති කරන ලදී. එය ක්‍රමක්‍රමයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතිද්දී කිසියම් හේතුවක් මත හදිසියේම නතර විය. හේතුව දන්නේ දෙවියන්ම පමණි. යම් ලෙසකින් මේ නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක වුවා නම් ඒ හරහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වන්නේ රටට විදේශ විනිමයද උපයා දෙමිනි. මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකොට දේශීය නිෂ්පාදනය දියුණු කල නොහැක. මෙහි මීළඟ අරමුණ විය යුත්තේ ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කොට විදේශ විනිමය ඉපයීමේ ධුරදර්ශී වැඩපිළිවෙලකි.
previous post