27 C
Colombo
25/11/2024

වෛද්‍යවරුන්ට රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක දීමනාවක් ?

Share with your friends :

වෛද්‍යවරුන් විසින් ඉල්ලා තිබු විශේෂ දීමනාව සඳහා රජයේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. මේ අනුව දැනට රුපියල් තිස්පන්දහසක් වන DAT දීමනාව රුපියල් එක්ලක්ෂ විසි පන්දහස දක්වා වැඩි කිරීමට නියමිතය. එම දීමනාව පෙර පැවතියේ මසකට රුපියල් 17500 ක් ලෙසටය. එය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටියදී 35.000 දක්වා වැඩි කරන ලද අතර මෙවර එය එක්ලක්ෂ විසිපන්දහස දක්වා වැඩි කෙරෙන්නේ අයවැයෙන් පසුවය.
මේ දීමනාව ලබා දෙන්නේ නම් වෛද්‍යවරුන් සඳහා වේලා සටහන් යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නටද නියමිතය. වේලා සටහන් යන්ත්‍ර වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කරන්නේ බොහෝදෙනා පුද්ගලික වෛද්‍ය සේවයේ නිරතවී සිටීම නිසා බව පැවසේ.
රටේ සියලු දෙනාට ඇති නීතියක් වෛද්‍යවරුන්ට පමණක වෙනස් වන්නේ ඇයි දැයි යන්න කලක සිට පවතී ප්‍රශ්නයකි.
වෛද්‍ය පරිපාලනයේ යෙදෙන වෛද්‍යවරුන් ට නව දීමනාව ලබාදීම සම්බන්ධයෙන් ගැටළු මතුව තිබේ. රටේ වෛද්‍ය හිඟයක් පවතිද්දී වෛද්‍යවරුන් දහස් ගනනක් පරිපාලනයේ යෙදී සිටින අතර ඔවුන් වෛද්‍ය සේවයට යොදවා පරිපාලන කටයුතු සාමාන්‍ය නිලධාරීන් හරහා කල හැකි බවට රජයේ ප්‍රබලයන් අතර සාකච්ඡා වී තිබේ. දැනට ග්‍රාමීය රෝහල් 21 ක් වැසී ගොස් ඇත්තේ වෛද්‍ය හිඟයෙනි . පරිපාලන සේවා සඳහා පත්කර ඇති වෛද්‍යවරු බොහෝදුරට භාරධුර කාර්යයක නොදෙන බවටද චෝදනා තිබේ.

Share with your friends :