මහා මැතිවරණය මුලින් පවත්වන බවට පැතිර යන තොරතුරු සමග දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය රටේ සියලුම දිස්ත්රික්ක වෙත තරග කිරීම සඳහා අපේක්ෂක ලැයිස්තු දැනටමත් සකස් කර ඇත. එහි විශේෂත්වය නම් එම සියලු අපේක්ෂක ලැයිස්තු වලින් සියයට තිහක් තරුණ තරුණියන්ටත් සියයට විස්සක් කාන්තාවන්ට වෙන් වීමත්ය. රටේ ජනගහනයෙන් සියයට 52 ක් නියෝජනය වන්නේ කාන්තාවන් නිසා දිලිත් ගේ මැතිවරණ සටනට කාන්තාවන්ගේ ආකර්ෂණය සුවිශේෂී කාරණයකි.