27 C
Colombo
27/11/2024

රජයට සේවා පවත්වාගෙන යෑම සඳහා දිනකට කෝටි 543 ක් ණය ගන්නට වෙලා

Share with your friends :

රජයට සිය සේවා පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 543 ක් ණය ගැනීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වේ.

මේ අතර මෙම වසරේ මුල් මාස පහ තුළ රජයේ සාමාන්‍ය දිනක වියදම රුපියල් කෝටි 1425 ක් බව පැවසූ මේ අනුව තම සියලු වියදම් පියවා ගැනීම සඳහා රජයට දිනකට රුපියල් කෝටි 677කට ආසන්න ණය මුදලක් ගැනීමට සිදුව ඇත.

රජය සිය වියදමින් සියයට 91 ක් දරන්නේ පුනරාවර්තන වියදම් ( වැටුප් ) සඳහා වන අතර ප්‍රාග්ධන වියදම් සඳහා වැය කෙරෙන්නේ සියයට 9 කි.මේ අතර මෙම වසරේ පසුගිය මාස පහ තුළ රජයේ මුළු ආදායම රුපියල් කෝටි 112243 ක් වන අතර රජයේ වියදම රුපියල් කෝටි 213710 කි.

රජය 2023 අයවැය අනුව ආදායම ලෙස රුපියල් කෝටි 341500 ක් අපේක්ෂා කළද මුල් මාස පහ තුළ ලැබී ඇත්තේ රුපියල් කෝටි 112243 ක් පමණකි. මේ අතර රටේ විදේශ ණය ඉහල යමින් පවතී. දැනට ණය ගෙවීමක් සිදු නොවන බැවින් හා විදෙස්ගත ශ්‍රීලාංකියන්ගෙන් ලැබෙන ප්‍රේෂණ නිසා රටේ එදිනෙදා වියදම් පවත්වා ගෙන යා හැකිවී තිබේ. එහෙත් ණය ගෙවීම නැවත ආරම්භ කල පසු යලිත් ආර්ථික අර්බුදයක් හට ගනු ඇත. එම නිසා වියදම් අඩුකර ජනතාවට අවම තත්වයකින් හෝ ජීවත්විය හැකි තත්වයක් රටේ වහාම ඇති කල යුතුව තිබේ. විශේෂයෙන්ම විදුලි බිල්පත් හා ජල බිල් පත් සඳහා රජය වහාම ජනතවට සහනයක් ලබා දිය යුතුව තිබේ.

Share with your friends :