ශ්‍රීලංකාවේ චීන ඇඟිලිගැසීම් හා මැදිහත්වීම් වලට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාව අත්වැල් බැඳ ගෙන නව සන්ධානයක් ඇති කර ගෙන තිබේ. මෙතෙක් චීන මැදිහත්වීම් සම්බන්ධයෙන් වෙන්වෙන්ව කටයුතු කල මේ දෙරට නව සන්ධානය හරහා මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපෘති සඳහා ඉදිරියේදී ඍජු මැදිහත්වීම් සිදු කරනු ඇත. කොළඹ වරායේ නව පර්යන්තයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 553 ක නව ව්‍යපෘතියක් ආරම්භ කරන ලද අතර ජෝන් කීල්ස් සමාගම හා ඉන්දියානු අදානි සමාගම්ද එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව පැවසේ.මේ සඳහා අදාළ ණය පහසුකම් සපයා ඇත්තේ ඇමරිකානු ආයතනයක් මගිනි.