ෆයිබර් නව සම්බන්ධතා ලබා දීම සඳහා ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමට බරපතල පාඩු ලබා දෙන රුපියල් මිලියන හාරදහසක තවත් ගනුදෙනුවක් සඳහා ඉදිරි දින කීපයතුල ගිවිසුම් අත්සන් තැබීමට නියමිත බව ශ්‍රීලංකා ටෙලිකොම් සේවක වෘත්තීය සමිති පවසයි. තවත් වසර දෙකකට පසුව එම කාලයට අදාළ පොලියද සමග ගෙවීමේ පදනම මත මෙම ගිවිසුම් අත්සන් තැබීමට නියමිතය. ළඟදී විශ්‍රාම යාමට නියමිත ටෙලිකොම් ඉහල නිලධාරීන් කීප දෙනෙකු මෙම ගනුදෙනුව සඳහා මූලික වී ඇති අතර එහි වාසි ලබා ගෙන විශ්‍රාම යාම මෙම පිරිසේ අරමුණ වී තිබේ.
කොන්ත්‍රාත් පදනම මත ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන මූල්‍ය අංශයේ ප්‍රධානියකු මෙහි මහා මොලකරු වන අතර ඔහුගේ මාසික වැටුප් හා දීමනා වල එකතුව රුපියල් ලක්ෂ 25 කි. ටෙලිකොම් ආයතනය වෙනුවෙන් මෙරට බැංකු වලින් ණය ලබා ගන්නා විට පවා අදාළ බැංකු හා මුල්‍ය ආයතන වලින් මොහුට විශාල කොමිස් මුදල් ලබා දෙන බවද සඳහන්ය.