27 C
Colombo
25/11/2024

ලබන මාර්තුවට පෙර ටෙලිකොම් විකුණයි – ලක්ෂ දහයේ පඩියට අලුතින් හය දෙනෙක්

Share with your friends :

ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය ලබන මාර්තු මාසයට පෙර විදේශ සමාගමකට විකිණීමට නියමිතය. මේ වන විට ඊට අයත් දේපල හා වත්කම් පිලිබඳ තොරතුරු ලබා ගැනීම විදෙස් ගිණුම්කරණ සමාගමක් මගින් සිදු කෙරෙමින් පවතී.
ටෙලිකොම් ආයතනය විකිණීමට සියල්ල සුදානම්කර තිබියදීත් පසුගිය මාසය තුල කනිෂ්ඨ නිලධාරීන් හය දෙනෙකුට සාමාන්‍යධිකාරී තනතුරු ලබාදී තිබේ. මේ හය දෙනාට වැටුප් හා දීමනා ලෙස මාසයකට රුපියල් දහයක් බැගින් වැය කෙරේ.
ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයට දැඩි ලෙස පාඩු වන ආකාරයට කටයුතු කරමින් ගිවිසුම් අත්සන් කල ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට විදේශගතව සිටිති. නවසීලන්තයේ ද්විත්ව පුරවැසිභාවය හිමි මෙන් එක් අයකු අධ්‍යාපන නිවාඩු මත තායිලන්තයේ බැංකොක් නගරයේ වාසය කරන අතර අනෙකා විශ්‍රාම ලබා සිටී. මේ දෙදෙනා ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයට සිදුකල පාඩු සහ අයතා ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ටෙලිකොම් ඒකාබද්ධ වෘත්තීය සමිති ඉදිරි දින වලදී අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට නියමිතය. මොවුන් දෙදෙනා සේවා සහ නව සම්බන්ධතා සඳහා වසර තුනකට පසු ගෙවීමේ පදනම මත ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමට ඉතාම අවාසිදායක ගිවිසුම්වලට එළඹ තිබේ. එම ගනුදෙනුවල අයතා ගනුදෙනු ලබා ගෙන මෙම දෙදෙනා ඉවත්ව ඇතත් දැන් එම සියලු ණය ලබන වසරේ සිට ගෙවීමට සිදුවන්න්නේ වර්තමාන කලමනකරිත්වයටය.මෙම ගිවිසුම් ඩොලර් ගනුදෙනු වන අතර එදා රුපියල් 180 ක් වූ ඩොලරය දැන් 330 බැගින් ගෙවන්නට වී තිබේ.

Share with your friends :