ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී දෙසැම්බර් 15 වනදා පැවැත්වීමට නියමිතය.
මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා නව නායකයා ලෙසට පත් කරන්නට නියමිත අතර ජාතික සංවිධායක ධුරය නාමල් රාජපක්ෂ වෙත ලබා දීමට නියමිතය.
මේ සඳහා පක්ෂයේ මැති ඇමතිවරුන්, අනුබද්ධ සංවිධාන නායකයින්, පළාත් පාලන නියෝජිතයින් සහ සහෝදර පක්ෂ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ය.
එමෙන්ම පොහොට්ටුවේ මූලිකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් බිහිකිරීමත් එම සන්ධානය සඳහා සුදුසු නායකයකු නම් කිරීමත් පිළිබඳව ද මේ වනවිට පක්ෂයේ ජ්යේෂ්ඨයින් අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇත.
විශේෂයෙන්ම ලබන වසර මැතිවරණ වසරක් වන බැවින් ඊට අදාළ තීන්දු තීරණ රැසක් මෙවර ජාතික මහා සමුළුවේදී ගැනීමට නියමිතය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පරමාදර්ශී නායකයා වශයෙන් පත්කිරීමට ද නියමිතව තිබේ.