27 C
Colombo
25/11/2024

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට කෝටි 7 ක පාඩුවක්

Share with your friends :

සාවද්‍ය ලේඛන ඉදිරිපත් කරන ණය ගැනීමෙන් සිදුවී ඇති වංචාවක් හේතුවෙන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට රුපියල් කෝටි හතකට ආසන්න වටිනා පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.

ණය අයදුම්කරුවන් 49 කට බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ සහය ඇතිව අදාළ ණය මුදල දීමෙන් මෙම වංචාව සිදුව ඇති බවද කමිටුවේදී තොරතුරු හෙළිවිය.

මේ සම්බන්ධයෙන් කෙරුණු නෛතික කටයුතු අනුව රුපියල් ලක්ෂ 80ක මුදලක් අය කරගෙන ඇති බවත් ඉතිරි මුදල අයකර ගැනීමට නෛතික ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් බැංකුවේ නිලධාරීහු පැවසූහ.

Share with your friends :